96 : 1
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
★
96 : 2
خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ
ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.
★
96 : 3
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.
★
96 : 4
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.
★
96 : 5
عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය.
★
96 : 6
كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය.
★
96 : 7
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය.
★
96 : 8
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ
නියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය.
★
96 : 9
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
★
96 : 10
عَبْدًا إِذَا صَلَّىٰٓ
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)
★
96 : 11
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?
★
96 : 12
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)
★
96 : 13
أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
★
96 : 14
أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
නියත වශයෙන් ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?
★
96 : 15
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
★
96 : 16
نَاصِيَةٍ كَـٰذِبَةٍ خَاطِئَةٍ
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
★
96 : 17
فَلْيَدْعُ نَادِيَهُۥ
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
★
96 : 18
سَنَدْعُ ٱلزَّبَانِيَةَ
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු.
★
96 : 19
كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩
නොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
★