89 : 1
وَٱلْفَجْرِ
අරුණෝදය මත ද දිවුරමින්.
★
89 : 2
وَلَيَالٍ عَشْرٍ
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
★
89 : 3
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
★
89 : 4
وَٱلَّيْلِ إِذَا يَسْرِ
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
★
89 : 5
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
★
89 : 6
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?
★
89 : 7
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ
(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
★
89 : 8
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය.
★
89 : 9
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
★
89 : 10
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)
★
89 : 11
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ
ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
★
89 : 12
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය.
★
89 : 13
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය.
★
89 : 14
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ
සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය.
★
89 : 15
فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
★
89 : 16
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ
තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
★
89 : 17
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය.
★
89 : 18
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය.
★
89 : 19
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය.
★
89 : 20
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا
එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය.
★
89 : 21
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا
එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
★
89 : 22
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය.
★
89 : 23
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ
තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
★
89 : 24
يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى
“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි.
★
89 : 25
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි.
★
89 : 26
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි.
★
89 : 27
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ
“අහෝ සැනසුමට පත් ආත්මය!
★
89 : 28
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
★
89 : 29
فَٱدْخُلِى فِى عِبَـٰدِى
එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
★
89 : 30
وَٱدْخُلِى جَنَّتِى
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
★