87 : 1
سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
★
87 : 2
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය.
★
87 : 3
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය.
★
87 : 4
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය.
★
87 : 5
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය.
★
87 : 6
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.
★
87 : 7
إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
★
87 : 8
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු.
★
87 : 9
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
★
87 : 10
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
★
87 : 11
وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى
තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.
★
87 : 12
ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ
ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
★
87 : 13
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
පසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි.
★
87 : 14
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ
සැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය.
★
87 : 15
وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය.
★
87 : 16
بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය.
★
87 : 17
وَٱلْـَٔاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ
(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
★
87 : 18
إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ
සත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
★
87 : 19
صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ
ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.
★