70 : 1
سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.
★
70 : 2
لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
★
70 : 3
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
★
70 : 4
تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
★
70 : 5
فَٱصْبِرْ صَبْرًا جَمِيلًا
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
★
70 : 6
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا
නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
★
70 : 7
وَنَرَىٰهُ قَرِيبًا
එහෙත් අපි එය සමීපයෙන් දකිමු.
★
70 : 8
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
★
70 : 9
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
★
70 : 10
وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි.
★
70 : 11
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;
★
70 : 12
وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ
තම බිරිය, තම සොහොයුරන්;
★
70 : 13
وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
★
70 : 14
وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
★
70 : 15
كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ
එසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය.
★
70 : 16
نَزَّاعَةً لِّلشَّوَىٰ
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
★
70 : 17
تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
★
70 : 18
وَجَمَعَ فَأَوْعَىٰٓ
ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය.
★
70 : 19
۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا
නියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
★
70 : 20
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا
ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
★
70 : 21
وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ.
★
70 : 22
إِلَّا ٱلْمُصَلِّينَ
එහෙත් සලාතය ඉටු කරන්නන් හැර;
★
70 : 23
ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
★
70 : 24
وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
★
70 : 25
لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
★
70 : 26
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති.
★
70 : 27
وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
★
70 : 28
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ
නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.
★
70 : 29
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
★
70 : 30
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති.
★
70 : 31
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.
★
70 : 32
وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
★
70 : 33
وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති.
★
70 : 34
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
★
70 : 35
أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය.
★
70 : 36
فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ
මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
★
70 : 37
عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
★
70 : 38
أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
★
70 : 39
كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ
එසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.
★
70 : 40
فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු.
★
70 : 41
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු.
★
70 : 42
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
★
70 : 43
يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත.
★
70 : 44
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ
ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
★