5 : 1
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَـٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ගිවිසුම් පූර්ණ ව ඉටු කරනු. නුඹලාට කියවා පෙන්වනු ලැබූ දෑ හැර සෙසු ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී. නමුත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම අනුමත කර නොගත යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහු සිතන දෑ තීන්දු කරයි.
★
5 : 2
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ්ගේ සලකුණුවලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාසවලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු නිවසට අභයදායීව පැමිණෙන්නන්ට හෝ (හිරිහැර හා නින්දා කිරීම) නුඹලා අනුමත කර නො ගනු. තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. ශුද්ධ දේවස්ථානයෙන් නුඹලාට අවහිර කළ පිරිසකගේ ක්රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලාව පොළඹවිය නො යුතු ය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නො කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.
★
5 : 3
حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَـٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නො වන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ නුඹලාට තහනම් කරන ලදි. (නමුත්) නුඹලා (ඉන් පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැකි ය.) තවද පිළිම සඳහා කැපූ දෑ කෝටු කැබලි මඟින් කුසපත් ඇද පංගු බෙදා ගන්නා දෑ ද නුඹලාට තහනම් කරන ලදි. මේවා පාපී ය. ප්රතික්ෂේප කළවුන් නුඹලාගේ දහම ගැන අද දින අපේක්ෂා භංග වී ඇත. එබැවින් ඔවුනට නුඹලා බිය නො වනු. තවද මට ම බිය වනු. අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද සම්පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. එහෙත් පාපයට නැඹුරු නො වී, දුගී බව හේතුවෙන් (මේවා ආහාරයට ගන්නා මෙන්) බල කරනු ලැබුවේ නම්, එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත ය.
★
5 : 4
يَسْـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ ٱلْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُ ۖ فَكُلُوا۟ مِمَّآ أَمْسَكْنَ عَلَيْكُمْ وَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهِ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ
ඔවුන්ට අනුමත කරනු ලැබුවේ කුමක් දැ යි? ඔවුහු නුඹගෙන් විමසති. (නබිවරය!) පවසන්න, පිවිතුරු යහපත් දෑ ද දඩයම් සතුන් අතරින් අල්ලාහ් නුඹලාට ඉගැන් වූ දැයින් නුඹලා උන්ට උගන්වා ඉන් පුහුණුව ලැබූ සතුන් විසින් දඩයම් කළ දෑ ද නුඹලාට අනුමත කරන ලදි. එබැවින් නුඹලා වෙත උන් ගොදුරු කර ගෙන එන දෑ නුඹලා අනුභව කරනු. තවද ඒ මත අල්ලාහ්ගේ නාමය කියනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
★
5 : 5
ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَـٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ ۖ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلْمُؤْمِنَـٰتِ وَٱلْمُحْصَنَـٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَـٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍ ۗ وَمَن يَكْفُرْ بِٱلْإِيمَـٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَـٰسِرِينَ
අද දින පිවිතුරු දෑ නුඹලාට අනුමත කරන ලදි. තවද ධර්ම ග්රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමත ය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමත ය. දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම ග්රන්ථය දෙනු ලැබූවන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නො ගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්රතික්ෂේප කරන්නේ ද සැබැවින් ම ඔහුගේ ක්රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතරිනි.
★
5 : 6
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًا فَٱطَّهَّرُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءً فَتَيَمَّمُوا۟ صَعِيدًا طَيِّبًا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකුව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු. එහෙත් නුඹලා රෝගීව හෝ යම් ගමනක නිරතව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් හෝ ඉන් පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නො ලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද, පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි. එහෙත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලාව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි.
★
5 : 7
وَٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ وَمِيثَـٰقَهُ ٱلَّذِى وَاثَقَكُم بِهِۦٓ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද නුඹලාට කවර දෙයක් ප්රතිඥා කළේ ද ඔහුගේ එම ප්රතිඥාව ද සිහිපත් කරනු. එවිට ''අපි සවන් දුනිමු. අවනත වූයෙමු'' යැයි නුඹලා පැවසුවෙහු ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥානී ය.
★
5 : 8
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නො කිරීමට නුඹලාව නො පොළඹ විය යුතු ය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීප ය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්ත ය.
★
5 : 9
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۙ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්හට සමාව ද මහත් වූ ප්රතිඵල ද ඇතැයි අල්ලාහ් පොරොන්දු විය.
★
5 : 10
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ
තවද ප්රතික්ෂේප කොට අපගේ වදන් අසත්ය කළවුන් වනාහි ඔවුහු මය නිරයේ සගයෝ වන්නෝ.
★
5 : 11
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහිව දිගු කරන්නට සිතූ විට නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලී ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද දේවත්වය විශ්වාස කළවුන් අල්ලාහ් කෙරෙහි ම (සියල්ල) භාර කළ යුතු ය.
★
5 : 12
۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
සැබැවින් ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්රතිඥාවක් ගත්තේ ය. තවද ඔවුන් අතරින් භාරකරුවන් දොළොස් දෙනෙකු අපි එව්වෙමු. සැබැවින් ම මම නුඹලා සමඟ ය. නුඹලා සලාතය විධිමත්ව ඉටු කර; zසකාතය ද පිරිනමා; මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර; තවද අලංකාර ණයකින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට නුඹලාව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේ ය. එහෙයින් මින් පසුව නුඹලා අතරින් කවරෙකු ප්රතික්ෂේප කළේ ද සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය.
★
5 : 13
فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ لَعَنَّـٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَـٰسِيَةً ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ
ඔවුන් ඔවුන්ගේ ප්රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝ ය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්රණයක සිටිනු නුඹ දකින්නෙහු ම ය. එබැවින් ඔවුන්ව අත හැර දමා ඔවුන්ව නො සලකා හරිනු. සැබැවින් ම අල්ලාහ් දැහැමියන්ව ප්රිය කරයි.
★
5 : 14
وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰٓ أَخَذْنَا مِيثَـٰقَهُمْ فَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ
තවද “සැබැවින් ම අපි කිතුනුවන් වෙමු” යැයි පැවසූ අය අතුරින් ද අපි ඔවුන්ගේ ප්රතිඥාව ගතිමු. එහෙත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු ද අමතක කළෝ ය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
★
5 : 15
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَـٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌ وَكِتَـٰبٌ مُّبِينٌ
අහෝ ධර්ම ග්රන්ථ හිමියනි! ධර්ම ග්රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට පැහැදිලි කරන තවද බොහෝ දේවල් නො සලකා හරින අපගේ රසූල්වරයා සැබැවින් ම නුඹලා වෙත පැමිණ ඇත. සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත.
★
5 : 16
يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَـٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට, එමඟින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන්ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත.
★
5 : 17
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ أَن يُهْلِكَ ٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
අල්ලාහ් වන ඔහු මය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින් ම ප්රතික්ෂේප කළෝ ය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (ආරක්ෂා කිරීමට) කිසියම් හෝ ආධිපත්යයක් දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ දෑ මවන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
★
5 : 18
وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَـٰرَىٰ نَحْنُ أَبْنَـٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ
යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයි දැ? යි විමසනු. එසේ නො ව, නුඹලා ද ඔහු මැවූ අය අතරින් වූ මිනිසුන් ය. ඔහු අභිමත අයට සමාව දෙයි. එමෙන් ම ඔහු අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතු ය. තවද නැවත යොමු වීම ඔහු වෙත ම ය.
★
5 : 19
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
අහෝ ධර්ම ග්රන්ථ ලත් ජනයිනි! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නො පැමිණියේ යැයි නුඹලා නො පවසනු වස් නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
★
5 : 20
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكًا وَءَاتَىٰكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّنَ ٱلْعَـٰلَمِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. මන්ද ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේ ය. තවද නුඹලාව රජවරුන් බවට පත් කළේ ය. ලෝවැසියන් අතරින් කිසිවකුට නො දුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
★
5 : 21
يَـٰقَوْمِ ٱدْخُلُوا۟ ٱلْأَرْضَ ٱلْمُقَدَّسَةَ ٱلَّتِى كَتَبَ ٱللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا۟ خَـٰسِرِينَ
අහෝ මාගේ ජනයිනි! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලා පිටුපසට හැරී පෙරළා නො යනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත.
★
5 : 22
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىٰ يَخْرُجُوا۟ مِنْهَا فَإِن يَخْرُجُوا۟ مِنْهَا فَإِنَّا دَٰخِلُونَ
(එයට) අහෝ මූසා! නියත වශයෙන් ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැර වන තෙක් අපි එහි නො පිවිසෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින් ම අපි එහි පිවිසෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
★
5 : 23
قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِمَا ٱدْخُلُوا۟ عَلَيْهِمُ ٱلْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَـٰلِبُونَ ۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ
‘‘නුඹලා ඔවුන් වෙත දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසුනෙහු නම් එවිට සැබැවින් ම නුඹලා මය ජයග්රාහකයෝ වන්නෝ. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු” යැයි දේවත්වය ගැන බිය හැඟීමෙන් පසුවන්නන් අතරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝ ය.
★
5 : 24
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّا لَن نَّدْخُلَهَآ أَبَدًا مَّا دَامُوا۟ فِيهَا ۖ فَٱذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَـٰتِلَآ إِنَّا هَـٰهُنَا قَـٰعِدُونَ
අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නො පිවිසෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදිනු. සැබැවින් ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ.
★
5 : 25
قَالَ رَبِّ إِنِّى لَآ أَمْلِكُ إِلَّا نَفْسِى وَأَخِى ۖ فَٱفْرُقْ بَيْنَنَا وَبَيْنَ ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ
මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැකි ය. එබැවින් පව්කාර ජනයාගෙන් ඔබ අපව වෙන් කරනු මැනව! යැයි (මූසා) පැවසුවේ ය.
★
5 : 26
قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ ۛ أَرْبَعِينَ سَنَةً ۛ يَتِيهُونَ فِى ٱلْأَرْضِ ۚ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ
සැබැවින් ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබී ය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නො වනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
★
5 : 27
۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱبْنَىْ ءَادَمَ بِٱلْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْـَٔاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلْمُتَّقِينَ
ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළිගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළිගනු නො ලැබී ය. එවිට (පිළිගනු නො ලැබූ) ඔහු සැබැවින් ම මම ඔබව ඝාතනය කරමි යැයි පැවසී ය. සැබැවින් ම අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැයි (භාරය පිළිගනු ලැබූ අය වන ඔහු) පැවසී ය.
★
5 : 28
لَئِنۢ بَسَطتَ إِلَىَّ يَدَكَ لِتَقْتُلَنِى مَآ أَنَا۠ بِبَاسِطٍ يَدِىَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ
මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නො වෙමි. සැබැවින් ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි.
★
5 : 29
إِنِّىٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثْمِى وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّـٰلِمِينَ
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලාගෙන ඔබ නිරා ගින්නේ සගයින් අතරින් වනු ඇතැයි සැබැවින් ම මම අපේක්ෂා කරමි. එය අපරාධකරුවන්ගේ ප්රතිවිපාකයයි.
★
5 : 30
فَطَوَّعَتْ لَهُۥ نَفْسُهُۥ قَتْلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصْبَحَ مِنَ ٱلْخَـٰسِرِينَ
එවිට තම සහෝදරයාව ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහුව පොලඹ වීය. පසුව ඔහු ඔහුව ඝාතනය කළේ ය. එවිට ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
★
5 : 31
فَبَعَثَ ٱللَّهُ غُرَابًا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَـٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ
පසුව තම සහෝදරයාගේ දේහය වසන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ විනාශය! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසන්නට තිබුණි යැයි ඔහු පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතරට පත් විය.
★
5 : 32
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفْسًۢا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِى ٱلْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَآ أَحْيَا ٱلنَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِٱلْبَيِّنَـٰتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِى ٱلْأَرْضِ لَمُسْرِفُونَ
ඒ හේතුවෙන් සැබැවින් ම ප්රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමාන ය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔවුන් වෙත පැමිණියෝ ය. අනතුරුව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුව ද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
★
5 : 33
إِنَّمَا جَزَٰٓؤُا۟ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوٓا۟ أَوْ يُصَلَّبُوٓا۟ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَـٰفٍ أَوْ يُنفَوْا۟ مِنَ ٱلْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْىٌ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ
සැබැවින් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන්ව පිටුවහල් කරනු ලැබීම ය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
★
5 : 34
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِن قَبْلِ أَن تَقْدِرُوا۟ عَلَيْهِمْ ۖ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
එහෙත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාපක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය; යැයි නුඹලා දැන ගනු.
★
5 : 35
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَٱبْتَغُوٓا۟ إِلَيْهِ ٱلْوَسِيلَةَ وَجَـٰهِدُوا۟ فِى سَبِيلِهِۦ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාධ්යයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා අරගල කරනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකි ය.
★
5 : 36
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا وَمِثْلَهُۥ مَعَهُۥ لِيَفْتَدُوا۟ بِهِۦ مِنْ عَذَابِ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින් ම ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟ ම ඒ හා සමාන තවත් දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුන් වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළිගනු නො ලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත.
★
5 : 37
يُرِيدُونَ أَن يَخْرُجُوا۟ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَـٰرِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැරවීමට අදහස් කරති. එහෙත් ඔවුන් එයින් බැහැරවන්නන් නො වෙති. තවද ඔවුනට නිත්ය ක්රියාත්මක දඬුවමක් ඇත.
★
5 : 38
وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًا مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑට ප්රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙස නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සර්ව ප්රඥාවන්ත ය.
★
5 : 39
فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
එහෙත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමා ව) නිවැරදි කර ගනී ද, සැබැවින් ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
★
5 : 40
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
අහස්හි හා මිහිතලයේ ආධිපත්යය සැබැවින් ම අල්ලාහ් සතු බව නුඹ නො දන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
★
5 : 41
۞ يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَـٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّـٰعُونَ لِلْكَذِبِ سَمَّـٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌ ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ
අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැයි ඔවුන්ගේ මුඛවලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නො කළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්රතික්ෂේපයේ යුහුසුලුව ක්රියා කරන්නන් නුඹව දුකට පත් නො කළ යුතු ය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නො ලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහුව වැළැක්වීමට) නුඹ බලය නො දරන්නේ ම ය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නො සිතූ අය මොවුන් ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.
★
5 : 42
سَمَّـٰعُونَ لِلْكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ
ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නෝ වෙති. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නෝ වෙති. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන්ව නුඹ නො සලකා හරිනු. එසේ නුඹ ඔවුන්ව නො සලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නො හැක්කේ ම ය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින් ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන් ප්රිය කරයි.
★
5 : 43
وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ
ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුන් පිටුපාමින් සිටියදී නුඹව තීරක වශයෙන් ඔවුන් ගනුයේ කෙසේ ද? ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.
★
5 : 44
إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًى وَنُورٌ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُوا۟ لِلَّذِينَ هَادُوا۟ وَٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُوا۟ مِن كِتَـٰبِ ٱللَّهِ وَكَانُوا۟ عَلَيْهِ شُهَدَآءَ ۚ فَلَا تَخْشَوُا۟ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَـٰتِى ثَمَنًا قَلِيلًا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰفِرُونَ
සැබැවින් ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමඟින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේ ම ගැඹුරු ප්රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමඟින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එබැවින් නුඹලා මිනිසුනට බිය නො වනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් සඳහා අල්ප මිලක් නො ගනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දේව ප්රතික්ෂේපකයෝ.
★
5 : 45
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌ ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
සැබැවින් ම පණට පණ, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාලවලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. එහෙත් කවරෙකු හෝ එය පුණ්ය කර්මයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. තවද අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය අපරාධකරුවෝ.
★
5 : 46
وَقَفَّيْنَا عَلَىٰٓ ءَاثَـٰرِهِم بِعِيسَى ٱبْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
තමන් අතර තිබූ තව්රාතය සත්ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසාව ඔවුන්ගේ (පෙර සිටි නබිවරුන්ගේ) පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන් ම තමන් අතර තිබූ තව්රාතය සත්ය කරවන්නක් ලෙස ද බිය බැතිමතුන්හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය.
★
5 : 47
وَلْيَحْكُمْ أَهْلُ ٱلْإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ.
★
5 : 48
وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَـٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
තවද සත්යයෙන් යුතු මෙම ග්රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්රන්ථය සත්ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්ය දරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්ය දැයින් ඉවත්ව ඔවුන්ගේ ආශාවන් නුඹ නො පිළිපදිනු. නුඹලා අතරින් සෑම ප්රජාවකට ම ආගමික පිළිවෙතක් හා ක්රියාමාලාවක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එක ම ප්රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑහි නුඹලාව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙත ය. එවිට කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
★
5 : 49
وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ وَٱحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَنۢ بَعْضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا۟ فَٱعْلَمْ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ لَفَـٰسِقُونَ
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹව ඔවුන් අර්බුදයකට යොමු නො කරන පරිදි නුඹ ඔවුන් ගැන ප්රවේසම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන්ව හසු කර ගැනීමට අල්ලාහ් ප්රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින් ම ජනයා අතරින් බොහෝ දෙනා දුෂ්ඨයෝ වෙති.
★
5 : 50
أَفَحُكْمَ ٱلْجَـٰهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ
ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා වඩාත් අලංකාර වන්නේ කවුරු ද?
★
5 : 51
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْيَهُودَ وَٱلنَّصَـٰرَىٰٓ أَوْلِيَآءَ ۘ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُۥ مِنْهُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුදෙව්වන් හා කිතුනුවන් ඇතැමෙක් ඇතැමෙකුගේ සමීප මිතුරන් වන බැවින් නුඹලා ඔවුන්ව සමීප මිතුරන් ලෙස නො ගනු. නුඹලා අතරින් කවරෙකු ඔවුන්ව සමීප මිතුරන් ලෙස ගන්නෙහු ද එවිට සැබැවින් ම ඔහු ද ඔවුන් අතරින් කෙනෙකු වනු ඇත. සැබැවින් ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නො පෙන්වයි.
★
5 : 52
فَتَرَى ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ يُسَـٰرِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٌ ۚ فَعَسَى ٱللَّهُ أَن يَأْتِىَ بِٱلْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِۦ فَيُصْبِحُوا۟ عَلَىٰ مَآ أَسَرُّوا۟ فِىٓ أَنفُسِهِمْ نَـٰدِمِينَ
තම හදවත්වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) "අපට අර්බුද හට ගනු ඇතැයි අපි බියවීමු" යැයි පවසති. අල්ලාහ් ජයග්රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙන්නට පුළුවන. එවිට ඔවුන්ගේ සිත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති.
★
5 : 53
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فَأَصْبَحُوا۟ خَـٰسِرِينَ
සැබැවින් ම ඔවුන් නුඹලා සමඟ යැයි අල්ලාහ් මත ඉතා ස්ථීර ලෙස දිවුරා සිටියවුන් මොවුහු දැ යි දේවත්වය විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. එබැවින් ඔවුහු අලාභවන්තයින් බවට පත් වූහ.
★
5 : 54
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَـٰفِرِينَ يُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අතරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට ඔහු ඔවුන්ව ප්රිය කරන ඔවුහු ද ඔහුව ප්රිය කරන තවත් පිරිසක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්හට නිහතමානී වෙති. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමඟ ඉතා දැඩිව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් කියන්නෙකුගේ දොසට බිය නො වෙති. එය අල්ලාහ්ගේ භාග්යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්යාපක ය; සර්වඥානී ය.
★
5 : 55
إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُمْ رَٰكِعُونَ
සැබැවින් ම නුඹලාගේ භාරකරු වන්නේ අල්ලාහ්, ඔහුගේ ධර්ම දූතයාණන් හා (අල්ලාහ්ගේ නියෝගයන්ට) යටහත් වන්නන් ලෙස සලාතය විධිමත්ව ඉටු කර zසකාත් පිරිනමන දේවත්වය විශ්වාස කළවුන් වෙති.
★
5 : 56
وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ فَإِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْغَـٰلِبُونَ
තවද කවරෙකු හෝ අල්ලාහ්ව, ඔහුගේ ධර්ම දූතයාණන්ව, හා දේවත්වය විශ්වාස කළවුන්ව තම භාරකරුවන් ලෙස ගන්නේ ද (දැනගනු!) සැබැවින් ම අල්ලාහ්ගේ කණ්ඩායම වන ඔවූහු මය ජයග්රාහකයෝ.
★
5 : 57
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ وَٱلْكُفَّارَ أَوْلِيَآءَ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අයව හා දේවත්වය ප්රතික්ෂේප කළවුන්ව නුඹලා භාරකරුවන් ලෙස නො ගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
★
5 : 58
وَإِذَا نَادَيْتُمْ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ
නුඹලා සලාතය වෙත කැඳ වන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගත්තෝ ය. එය සැබැවින් ම ඔවුහු වටහා නො ගන්නා පිරිසක් වන බැවිනි.
★
5 : 59
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ هَلْ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَـٰسِقُونَ
ධර්ම ග්රන්ථ හිමියනි! අල්ලාහ් ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද, මීට පෙර පහළ කරනු ලැබූ දෑ ද, අප විශ්වාස කළ හේතුවෙන් මිස වෙන කවර කරුණක් හේතුවෙන් නුඹලා අපෙන් පළිගන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ අසනු. තවද සැබැවින් ම නුඹලාගෙන් වැඩිදෙනා දුෂ්ඨයෝ ය.
★
5 : 60
قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَ ۚ أُو۟لَـٰٓئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ
(නබිවරය!) "අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?" යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද තවද ඔහු කවරෙකු පිළිබඳව කෝප වූයේ ද තවද ඔවුන් අතරින් කවරෙකු වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද තවද කවරෙකු නපුරු බලවේගවලට යටහත් වූයේ ද ඔවුහු මය නිලයෙන් වඩාත් දරුණුතම අය වන්නෝ. එමෙන් ම නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ.
★
5 : 61
وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ
තවද ඔවුහු නුඹලා වෙත පැමිණි විට “අපි විශ්වාස කළෙමු" යැයි පැවසූහ. ඇත්තෙන් ම ඔවුහු දේව ප්රතික්ෂේපය සමඟ පිවිසුණහ. තවද ඔවුන් නික්ම ගියේ ද ඒ සමඟ ම ය. තවද ඔවුන් වසන් කරමින් සිටි දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය.
★
5 : 62
وَتَرَىٰ كَثِيرًا مِّنْهُمْ يُسَـٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ
(නබිවරය!) ඔවුන් අතුරින් බොහෝ දෙනා පාපකම්හි ද, ද්රෝහිකම්හි ද, තහනම් දෑ අනුභව කිරීමෙහි ද යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
★
5 : 63
لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ
ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ගැඹුරු ප්රඥාවෙන් යුත් විද්වත්හු හා ආගමික නායකයෝ ඔවුන්ව වැළකිය යුතු නො වේ ද? ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
★
5 : 64
وَقَالَتِ ٱلْيَهُودُ يَدُ ٱللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا۟ بِمَا قَالُوا۟ ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَآءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ كُلَّمَآ أَوْقَدُوا۟ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا ۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ
අල්ලාහ්ගේ අත බැඳ දමනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. බැඳ දමනු ලැබ ඇත්තේ ඔවුන්ගේ අත් ය. ඔවුන් පැවසූ දෑ හේතුවෙන් ඔවුහු ශාප කරනු ලැබුවෝ ය. එසේ නොව ඔහුගේ දෑත් දිගු හරිනු ලැබ ඇත. ඔහු අභිමත කරන පරිදි වියදම් කරයි. (නබිවරය!) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය සැබැවින් ම වර්ධනය කරනු ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්රෝධය හෙළුවෙමු. ඔවුන් යුද ගිනි අවුළන සෑම අවස්ථාවකම අල්ලාහ් එය නිමා දැමුවේ ය. ඔවුහු මිහිතලයේ කලහකම් කිරීමට යුහුසුළු වෙති. තවද අල්ලාහ් කලහකාරීන්ව ප්රිය නො කරයි.
★
5 : 65
وَلَوْ أَنَّ أَهْلَ ٱلْكِتَـٰبِ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأَدْخَلْنَـٰهُمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ
ධර්ම ග්රන්ථ හිමි ජනයා විශ්වාස කර දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන්ව සැප පහසුකම්වලින් යුත් ස්වර්ග උයන්වලට නිසැකව ම අපි ඇතුළත් කරන්නෙමු.
★
5 : 66
وَلَوْ أَنَّهُمْ أَقَامُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا۟ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ ۖ وَكَثِيرٌ مِّنْهُمْ سَآءَ مَا يَعْمَلُونَ
තවද තව්රාතය ද ඉන්ජීලය ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුහු ක්රියාත්මක කළේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාදවලට යටින් ද ඔවුහු භුක්ති විඳින්නට තිබුණි. ඔවුන් අතරින් මධ්යස්ථ සමූහයක් ද විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිදු කරන දෑ නපුරු විය.
★
5 : 67
۞ يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ ۚ وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ
අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නො කළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින් ම දේවත්වය ප්රතික්ෂේප කළ ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
★
5 : 68
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَـٰنًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ
ධර්ම ග්රන්ථ හිමියනි! නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්රියාවට නං වන තෙක් නුඹලා කිසිවක් මත (පිහිටා) නොමැත යැයි (නබිවරය!) නුඹ පවසනු. (නබිවරය!) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය සැබැවින් ම වර්ධනය කරනු ඇත. එබැවින් දේවත්වය ප්රතික්ෂේප කළ ජනයා සඳහා නුඹ දුක් නො වනු.
★
5 : 69
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّـٰبِـُٔونَ وَٱلنَّصَـٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَعَمِلَ صَـٰلِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද වනාහි, ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති.
★
5 : 70
لَقَدْ أَخَذْنَا مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَأَرْسَلْنَآ إِلَيْهِمْ رُسُلًا ۖ كُلَّمَا جَآءَهُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُهُمْ فَرِيقًا كَذَّبُوا۟ وَفَرِيقًا يَقْتُلُونَ
සැබැවින් අපි ඉස්රාඊල් දරුවන්ගෙන් ප්රතිඥාවක් ගතිමු. තවද අපි ඔවුන් වෙත දූතවරු එවීමු. ඔවුන් ආශා නො කරන දෙයක් දූතයකු ඔවුන් වෙත ගෙන ආ සෑම කල්හි ම පිරිසක් ඔවුහු බොරු කළෝ ය. තවද පිරිසක් ඔවුහු ඝාතනය කළෝ ය.
★
5 : 71
وَحَسِبُوٓا۟ أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا۟ وَصَمُّوا۟ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا۟ وَصَمُّوا۟ كَثِيرٌ مِّنْهُمْ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ
තමන්ට කිසිදු පිරික්සුමක් නො වනු ඇතැයි ඔවුහු සිතූහ. ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන් පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේ ය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
★
5 : 72
لَقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۖ وَقَالَ ٱلْمَسِيحُ يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۖ إِنَّهُۥ مَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ حَرَّمَ ٱللَّهُ عَلَيْهِ ٱلْجَنَّةَ وَمَأْوَىٰهُ ٱلنَّارُ ۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍ
අල්ලාහ් වන ඔහු මය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින් ම ප්රතික්ෂේප කළෝ ය. ඉස්රාඊල් දරුවනි! මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේ ය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේ ය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.
★
5 : 73
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَـٰثَةٍ ۘ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّآ إِلَـٰهٌ وَٰحِدٌ ۚ وَإِن لَّمْ يَنتَهُوا۟ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින් ම අල්ලාහ් (ත්රිත්වය හෙවත් පියාණන්, පුත්රයාණන්, ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ඒක දේවත්වය ප්රතික්ෂේප කළෝ ය. එක ම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නො වැළකුණේ නම් ඔවුන් අතරින් ප්රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන් ම අත් වනු ඇත.
★
5 : 74
أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسْتَغْفِرُونَهُۥ ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ
ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නො වේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.
★
5 : 75
مَّا ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٌ ۖ كَانَا يَأْكُلَانِ ٱلطَّعَامَ ۗ ٱنظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ ٱلْـَٔايَـٰتِ ثُمَّ ٱنظُرْ أَنَّىٰ يُؤْفَكُونَ
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත්ව ගොස් ඇත. ඔහුගේ මව සත්යවන්තියකි. දෙදෙනා ම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේ දැ? යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ? යි ද අවධානයෙන් බලනු.
★
5 : 76
قُلْ أَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا ۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමාන කරන්නෙහු දැ? යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව
ශ්රාවක ය; සර්ව ඥානී ය.
★
5 : 77
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ غَيْرَ ٱلْحَقِّ وَلَا تَتَّبِعُوٓا۟ أَهْوَآءَ قَوْمٍ قَدْ ضَلُّوا۟ مِن قَبْلُ وَأَضَلُّوا۟ كَثِيرًا وَضَلُّوا۟ عَن سَوَآءِ ٱلسَّبِيلِ
ධර්ම ග්රන්ථ හිමියනි! නුඹලා නුඹලාගේ දහමෙහි සත්ය නො වන දෑ (පැවසීමෙ)හි සීමාව ඉක්මවා නො යනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නො කරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය!) නුඹ පවසනු.
★
5 : 78
لُعِنَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ
ඉස්රාඊල්ගේ දරුවන් අතරින් ප්රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබී ය. එය ඔවුන් පිටුපා; සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි.
★
5 : 79
كَانُوا۟ لَا يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَفْعَلُونَ
ඔවුන් සිදු කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නො ගනිමින් සිටියෝ ය. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
★
5 : 80
تَرَىٰ كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ ٱللَّهُ عَلَيْهِمْ وَفِى ٱلْعَذَابِ هُمْ خَـٰلِدُونَ
ඔවුන්ගෙන් බොහෝ දෙනා ප්රතික්ෂේප කළවුන්ව මිතුරු පාක්ෂකයින් ලෙස ගැනීම නුඹ දකිනු ඇත. ඔවුන්ගේ ආත්මාවන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ දෑ නපුරු විය. හේතුව ඔවුන් කෙරෙහි අල්ලාහ් කෝප විය. ඔවුහු දඬුවමෙහි සදාතනිකයෝ වෙති.
★
5 : 81
وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَـٰكِنَّ كَثِيرًا مِّنْهُمْ فَـٰسِقُونَ
ඔවුහු අල්ලාහ්ව ද නබිවරයාව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන්ව මිතුරු පාක්ෂිකයින් ලෙස නො ගනු ඇත. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනා දුෂ්ඨයෝ ය.
★
5 : 82
۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةً لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلْيَهُودَ وَٱلَّذِينَ أَشْرَكُوا۟ ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُم مَّوَدَّةً لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ
(නබිවරය!) ජනයා අතරින් දේවත්වය විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේවත්වයට ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස සැබැවින් ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් පඬිවරුන් ද ආගමික නායකයින් ද සිටින බැවිනි. එමෙන් ම ඔවුහු උඩගු නො වෙති.
★
5 : 83
وَإِذَا سَمِعُوا۟ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ مِمَّا عَرَفُوا۟ مِنَ ٱلْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكْتُبْنَا مَعَ ٱلشَّـٰهِدِينَ
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුන් සවන් දුන් විට, සත්යය ඔවුන් වටහා ගත් හේතුවෙන් කඳුළු හැළෙන ඔවුන්ගේ ඇස් නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එබැවින් අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කරනු මැනව! යි පවසති.
★
5 : 84
وَمَا لَنَا لَا نُؤْمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ ٱلْقَوْمِ ٱلصَّـٰلِحِينَ
අල්ලාහ් ද සත්යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ ද අප විශ්වාස නො කර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා අතරට අපව ද ඇතුළත් කිරීම අපි ප්රිය කරන්නෙමු.
★
5 : 85
فَأَثَـٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُوا۟ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමී ය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. එය දැහැමියන්ගේ ප්රතිඵලය වේ.
★
5 : 86
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ
අපගේ වදන් බොරු කොට ප්රතික්ෂේප කළවුන් වන ඔවුහු මය නිරයේ සගයෝ.
★
5 : 87
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحَرِّمُوا۟ طَيِّبَـٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නො ගනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නො කරනු. සැබැවින් ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ව අල්ලාහ් ප්රිය නො කරයි.
★
5 : 88
وَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَـٰلًا طَيِّبًا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
★
5 : 89
لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَـٰنِكُمْ وَلَـٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَـٰنَ ۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَـٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَـٰثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيْمَـٰنِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَٱحْفَظُوٓا۟ أَيْمَـٰنَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලාගේ දිවුරීම්හි නිකමට පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලාව හසු නො කරයි. එහෙත් නුඹලාව ඔහු හසු කරනුයේ තිරසාර ලෙස පවසන දිවුරීම් වෙනුවෙනි. (දිවුරුම කඩ කළේ නම්) එවිට එහි ප්රතිකර්මය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්යස්ථව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීම ය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීම ය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීම ය. එහෙත් කවරෙකු (ඒවායින් යමක්) නො ලැබුවේද ඔහු දින තුනක් උපවාසයේ නියැළිය යුතු ය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් (කඩ කිරීම්)වලට ප්රතිකර්මය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙස ය.
★
5 : 90
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.
★
5 : 91
إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඇති කිරීමට හා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලාව අවහිර කිරීමට ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නො වේ ද?
★
5 : 92
وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَٱحْذَرُوا۟ ۚ فَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. රසූල්වරයාට ද අවනත වනු. ප්රවේසමෙන් කටයුතු කරනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලිව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.
★
5 : 93
لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جُنَاحٌ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන්ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව ද තමන්ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට ඉන් පසුව ද තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන්ව ප්රිය කරයි.
★
5 : 94
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَيَبْلُوَنَّكُمُ ٱللَّهُ بِشَىْءٍ مِّنَ ٱلصَّيْدِ تَنَالُهُۥٓ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلْغَيْبِ ۚ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ අත්වලට හා නුඹලාගේ හීවලට පහසුවෙන් හසු වන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලාව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නො සිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ? යි අල්ලාහ් හඳුන්වා දෙනු පිණිස ය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.
★
5 : 95
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْتُلُوا۟ ٱلصَّيْدَ وَأَنتُمْ حُرُمٌ ۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدًا فَجَزَآءٌ مِّثْلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحْكُمُ بِهِۦ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًۢا بَـٰلِغَ ٱلْكَعْبَةِ أَوْ كَفَّـٰرَةٌ طَعَامُ مَسَـٰكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِۦ ۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنْهُ ۗ وَٱللَّهُ عَزِيزٌ ذُو ٱنتِقَامٍ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්රතිකර්මය වශයෙන් මරා දැමූ දෑ මෙන් (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් සමාන දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් ප්රතිකර්ම වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළි සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්රතිචාර දක්වන්නාය.
★
5 : 96
أُحِلَّ لَكُمْ صَيْدُ ٱلْبَحْرِ وَطَعَامُهُۥ مَتَـٰعًا لَّكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ ٱلْبَرِّ مَا دُمْتُمْ حُرُمًا ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ
නුඹලා හා නුඹලාගේ වාහනික සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදි. එහෙත් ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදි. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
★
5 : 97
۞ جَعَلَ ٱللَّهُ ٱلْكَعْبَةَ ٱلْبَيْتَ ٱلْحَرَامَ قِيَـٰمًا لِّلنَّاسِ وَٱلشَّهْرَ ٱلْحَرَامَ وَٱلْهَدْىَ وَٱلْقَلَـٰٓئِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට නියාමන ස්ථානයක් බවට නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිස පරිශුද්ධවූ මාසය ද සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
★
5 : 98
ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
සැබැවින් ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි බවත් සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් දැන ගනු.
★
5 : 99
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේ ය.
★
5 : 100
قُل لَّا يَسْتَوِى ٱلْخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ ٱلْخَبِيثِ ۚ فَٱتَّقُوا۟ ٱللَّهَ يَـٰٓأُو۟لِى ٱلْأَلْبَـٰبِ لَعَلَّكُمْ تُفْلِحُونَ
නපුරු දෑ බහුලව තිබීම නුඹව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නො වන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
★
5 : 101
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඇතැම් කරුණු පිළිබඳව නුඹලා නො විමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ නුඹලා ඒ ගැන විමසා සිටියෙහු නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් ඒ ගැන නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉවසිලිවන්ත ය.
★
5 : 102
قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَـٰفِرِينَ
නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු ප්රතික්ෂේප කළවුන් බවට පත් වූහ.
★
5 : 103
مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍ وَلَا سَآئِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ ۙ وَلَـٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයංව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිමවලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නො ලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් කළේ නැත. එහෙත් දේවත්වය ප්රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නො ගනිති.
★
5 : 104
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًٔا وَلَا يَهْتَدُونَ
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝ ය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නො දැන; ඔවුන් යහමඟ ගමන් නො කර සිටිය දී (ඔවුහු පිළිපදින්නෝ) ද?
★
5 : 105
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්රවේසම් විය යුතුයි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නො කරනු ඇත. නුඹලා සියලු දෙනා නැවත යා යුතු ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වා සිටිනු ඇත.
★
5 : 106
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَـٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَـٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَـٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًا لَّمِنَ ٱلْـَٔاثِمِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතු ය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්යය නුඹලාට අත් වූයේ නම් නුඹලා අතරින් නො වූ වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතු ය. (උරුමක්කරුවන් වන) නුඹලා සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම) මඟින් කිසිදු මිලක් ලබා නො ගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නො කරන්නෙමු. (එසේ අප කළේ නම්) සැබැවින් ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතු ය.
★
5 : 107
فَإِنْ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسْتَحَقَّآ إِثْمًا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسْتَحَقَّ عَلَيْهِمُ ٱلْأَوْلَيَـٰنِ فَيُقْسِمَانِ بِٱللَّهِ لَشَهَـٰدَتُنَآ أَحَقُّ مِن شَهَـٰدَتِهِمَا وَمَا ٱعْتَدَيْنَآ إِنَّآ إِذًا لَّمِنَ ٱلظَّـٰلِمِينَ
සැබැවින් ම ඔවුන් දෙදෙනා (බොරු කී) පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදි ය. අපි සීමාව ඉක්මවා කටයුතු නො කළෙමු. (එසේ අප කළේ නම්) සැබැවින් ම අපි එවිට අපරාධකරුවන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතු ය.
★
5 : 108
ذَٰلِكَ أَدْنَىٰٓ أَن يَأْتُوا۟ بِٱلشَّهَـٰدَةِ عَلَىٰ وَجْهِهَآ أَوْ يَخَافُوٓا۟ أَن تُرَدَّ أَيْمَـٰنٌۢ بَعْدَ أَيْمَـٰنِهِمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱسْمَعُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ
එය (එසේ දිවුරා සිටීම), සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන ඒම පිණිසත්, නැත්නම් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් දුෂ්ඨ පිරිසට මඟ නො පෙන්වයි.
★
5 : 109
۞ يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ
(නබිවරය!) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරන දින නුඹලාට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ? යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. අදෘශ්යමාන දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති.
★
5 : 110
إِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًا ۖ وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى ۖ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى ۖ وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى ۖ وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَـٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ මර්යම්ගේ පුත් ඊසා! නුඹ වෙත හා නුඹගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහි ය. තවද මම නුඹට ධර්මය ද ප්රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුමැතියෙන් පක්ෂියකුගේ හැඩයක් සේ යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුමැතියෙන් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උපතින් අන්ධභාවය ද ළාදුරු රෝගයද සුව කළෙහි ය. මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතරින් ප්රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන්ව ඔබගෙන් මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.
★
5 : 111
وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّـۧنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى قَالُوٓا۟ ءَامَنَّا وَٱشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ
මා හා මාගේ රසූල්වරයාව විශ්වාස කරනු යැයි ගෝලයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින් ම අප (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු බව නුඹ සාක්ෂි දරනු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
★
5 : 112
إِذْ قَالَ ٱلْحَوَارِيُّونَ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ ٱلسَّمَآءِ ۖ قَالَ ٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
අහෝ මර්යම්ගේ පුත් ඊසා! අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේ දැ? යි ගෝලයින් විමසා සිටි විට නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු.
★
5 : 113
قَالُوا۟ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ ٱلشَّـٰهِدِينَ
අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත් වීමටත් ඔබ අපට සත්ය පවසා ඇති බවට අප හඳුනා; ඒ කෙරෙහි අපද සාක්ෂිකරුවන් අතරින් වීමටත් අපි කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ.
★
5 : 114
قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةً مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ
අහෝ අපගේ පරමාධිපතියාණනි! අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්රේෂ්ඨ වනුයේ ඔබ ම වේ යැයි මර්යම්ගේ පුත් ඊසා පැවසුවේ ය.
★
5 : 115
قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًا مِّنَ ٱلْعَـٰلَمِينَ
සැබැවින් ම මම එය නුඹලා වෙත පහළ කරන්නෙක්මි. එහෙත් නුඹලාගෙන් පසුව කවරෙකු ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම ලෝවැසියන් අතරින් කිසිවකුටත් මා දඬුවම් නො දුන් දඬුවමකින් මම ඔහුට දඬුවම් කරමි යැයි අල්ලාහ් පැවසුවේ ය.
★
5 : 116
وَإِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَـٰهَيْنِ مِن دُونِ ٱللَّهِ ۖ قَالَ سُبْحَـٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ ۚ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ
අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර දමා මා හා මාගේ මව දෙවිවරුන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවෙහි දැ? යි අල්ලාහ් විමසූ විට “ඔබ අතිපිවිතුරු ය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට නො වීය. මා එය පවසා සිටියෙම් නම් ඔබ එය ගැන දන්නෙහි ය. මා තුළ ඇති දෑ ඔබ දන්නෙහි ය. ඔබ තුළ ඇති දෑ මම නො දනිමි. සැබැවින් ම ඔබ අදෘශ්යමාන දෑ පිළිබඳ සර්වඥය” යැයි ඔහු පැවසුවේ ය.
★
5 : 117
مَا قُلْتُ لَهُمْ إِلَّا مَآ أَمَرْتَنِى بِهِۦٓ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۚ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًا مَّا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِى كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
ඔබ නියෝග කළ පරිදි මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරනු යැයි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නො පැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කල්තාක් ඔවුනට මම සාක්ෂිකරුවකුව සිටියෙමි. එහෙත් ඔබ මා අත්පත් කර ගත් කල්හි ඔවුන් කෙරෙහි අධීක්ෂකයා වූයේ ඔබ ය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
★
5 : 118
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින් ම ඔවුන් ඔබේ ගැත්තන් ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින් ම ඔබ සර්ව බලධාරී; මහා ප්රඥාවන්ත ය.
★
5 : 119
قَالَ ٱللَّهُ هَـٰذَا يَوْمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
සත්යවාදීන්ට ඔවුන්ගේ සත්යය පල දෙන දිනය මෙය වේ. ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. එයයි මහත් වූ ජයග්රහණය වනුයේ.
★
5 : 120
لِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌۢ
අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑහි ද ආධිපත්යය අල්ලාහ් සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
★