12 : 1
الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ
අලිෆ්, ලාම්, රා.[1] එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් ය.
★
12 : 2
إِنَّآ أَنزَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන් ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.
★
12 : 3
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَـٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَـٰفِلِينَ
(නබිවරය!) අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් වඩාත් අලංකාර කතා අපි නුඹට කියවා පෙන්වන්නෙමු. තවද නුඹ මීට පෙර (ඒවා ගැන) නොදැනුවත් අය අතරින් සිටිය ද.
★
12 : 4
إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَـٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَـٰجِدِينَ
යූසුෆ් තම පියාණන්ට ‘මාගේ පියතුමනි! නියත වශයෙන් ම මම ග්‍රහ තාරකා එකොළහක් ද, හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් ද මම දුටුවෙමි’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
★
12 : 5
قَالَ يَـٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ لِلْإِنسَـٰنِ عَدُوٌّ مُّبِينٌ
‘මාගේ පුතණුවනි! නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නො කියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන් ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේ ය.
★
12 : 6
وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ
තවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹව තෝරා ගෙන ඇත්තේ. තවද සිදු වීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සර්ව ඥානී ය; සියුම් ඥානය ඇත්තා ය.
★
12 : 7
۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَـٰتٌ لِّلسَّآئِلِينَ
සැබැවින් ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ.
★
12 : 8
إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَـٰلٍ مُّبِينٍ
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන් ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහි ය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
★
12 : 9
ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًا صَـٰلِحِينَ
නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ්ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහුව විසි කර දමනු. තවද ඔහුගෙන් පසුව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
★
12 : 10
قَالَ قَآئِلٌ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَـٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَـٰعِلِينَ
ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේ ය. ‘නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නො දමා නුඹලා ඔහුව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහුව අහුළා ගනු ඇත.’
★
12 : 11
قَالُوا۟ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَـٰصِحُونَ
‘අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අපව විශ්වාස නො කර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන් ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු’ යැයි ඔවුහු පැවසූහ.
★
12 : 12
أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ
‘ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමඟ ඔහු එවනු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නෝ වෙමු.’
★
12 : 13
قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَـٰفِلُونَ
‘නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන් ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නො සැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහුව කා දමනු ඇතැයි මම බිය වෙමි’ යැයි ඔහු පැවසී ය.
★
12 : 14
قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًا لَّخَـٰسِرُونَ
‘අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහුව කා දැමුවේ නම් නියත වශයෙන් ම අපි එවිට අලාභවන්තයෝ වෙමු, යැයි ඔවුහු පැවසූහ.
★
12 : 15
فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَـٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَـٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
ඔවුහු ඔහුව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහුව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන් ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
★
12 : 16
وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءً يَبْكُونَ
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝ ය.
★
12 : 17
قَالُوا۟ يَـٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَـٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صَـٰدِقِينَ
‘අපගේ පියාණනි! නියත වශයෙන් ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමඟ යූසුෆ්ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමී ය. අපි සත්‍යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නකු නො වනු ඇතැයි’ ඔවුහු පැවසුවෝ ය.
★
12 : 18
وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
★
12 : 19
وَجَآءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَـٰبُشْرَىٰ هَـٰذَا غُلَـٰمٌ ۚ وَأَسَرُّوهُ بِضَـٰعَةً ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේ ය. ඔවුනට ජලය සපයන්නකුව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටුව (ළිඳට) දැමුවේ ය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේ ය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහුව ද සඟවා ගත්තෝ ය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
★
12 : 20
وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍ دَرَٰهِمَ مَعْدُودَةٍ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහුව විකුණා දැමුවෝ ය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.
★
12 : 21
وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
තවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
★
12 : 22
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيْنَـٰهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
★
12 : 23
وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ ٱللَّهِ ۖ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ
තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන ‘තමන් අසලට පැමිණෙන්නැ’යි පැවසුවා ය. ‘අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන් ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේ ය. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති’ යැයි ඔහු පැවසී ය.
★
12 : 24
وَلَقَدْ هَمَّتْ بِهِۦ ۖ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَـٰنَ رَبِّهِۦ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ ٱلسُّوٓءَ وَٱلْفَحْشَآءَ ۚ إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُخْلَصِينَ
ඇය ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවා ය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නො දුටුවේ නම් ඔහු ද ඇය සමඟ නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය.
★
12 : 25
وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ
තවද දෙදෙනා ම තරඟ වැද දොරටුව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවා ය. දෙදෙනා ම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැ?’ යි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවා ය.
★
12 : 26
قَالَ هِىَ رَٰوَدَتْنِى عَن نَّفْسِى ۚ وَشَهِدَ شَاهِدٌ مِّنْ أَهْلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ ٱلْكَـٰذِبِينَ
‘මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. (එවිට) ‘ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි’ යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේ ය.
★
12 : 27
وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ ٱلصَّـٰدِقِينَ
‘තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි’ (යැයි තවදුරටත් පැවසුවේ ය).
★
12 : 28
فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُۥ مِن كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "(එවිට තම බිරිඳ ට) නියත වශයෙන් ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන් ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේ ය.
★
12 : 29
يُوسُفُ أَعْرِضْ عَنْ هَـٰذَا ۚ وَٱسْتَغْفِرِى لِذَنۢبِكِ ۖ إِنَّكِ كُنتِ مِنَ ٱلْخَاطِـِٔينَ
තවද යූසුෆ්, එය නො සලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන් ම ඔබ වැරදිකරුවන් අතරින් වූයෙහි ය.
★
12 : 30
۞ وَقَالَ نِسْوَةٌ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَىٰهَا فِى ضَلَـٰلٍ مُّبِينٍ
‘පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමඟ (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇයව වෙළා ඇත. සැබැවින් ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු’ යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
★
12 : 31
فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍ مِّنْهُنَّ سِكِّينًا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَـٰشَ لِلَّهِ مَا هَـٰذَا بَشَرًا إِنْ هَـٰذَآ إِلَّا مَلَكٌ كَرِيمٌ
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළා ය. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පිහියක් බැගින් දුන්නා ය. පසුව ‘ඔබ ඔවුන් ඉදිරියට පිටව යනු’ යැයි (යූසුෆ්ට) ඇය පැවසුවා ය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්ව ම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නො වේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නො වෙතැයි ඔවුහු පවසා සිටියහ.
★
12 : 32
قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِّنَ ٱلصَّـٰغِرِينَ
‘නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහු ද එයයි මෙය. මම ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. එහෙත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නො කළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත’ යැයි ඇය පැවසුවා ය.
★
12 : 33
قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَـٰهِلِينَ
‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාප ය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නො හරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
★
12 : 34
فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේ ය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ.
★
12 : 35
ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْـَٔايَـٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍ
අනතුරුව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසුව මද කලකට ඔහුව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
★
12 : 36
وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ ٱلْـَٔاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ
තවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)
★
12 : 37
قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ ۚ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ
‘නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි’ යැයි ඔහු පැවසුවේ ය.’ එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ්ව විශ්වාස නො කරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.’
★
12 : 38
وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ
‘තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නො වීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.’
★
12 : 39
يَـٰصَـٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ
‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන්ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එක ම දෙවිඳුන් අල්ලාහ් ද?’
★
12 : 40
مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءً سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
‘ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුට නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවට ඔහු අණ කළේ ය. එයයි ඍජු දහම වනුයේ. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.’
★
12 : 41
يَـٰصَـٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًا ۖ وَأَمَّا ٱلْـَٔاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ ۚ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ
‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබී ය.’
★
12 : 42
وَقَالَ لِلَّذِى ظَنَّ أَنَّهُۥ نَاجٍ مِّنْهُمَا ٱذْكُرْنِى عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيْطَـٰنُ ذِكْرَ رَبِّهِۦ فَلَبِثَ فِى ٱلسِّجْنِ بِضْعَ سِنِينَ
තවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින් ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, ‘නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. එහෙත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමී ය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේ ය.
★
12 : 43
وَقَالَ ٱلْمَلِكُ إِنِّىٓ أَرَىٰ سَبْعَ بَقَرَٰتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنۢبُلَـٰتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَـٰتٍ ۖ يَـٰٓأَيُّهَا ٱلْمَلَأُ أَفْتُونِى فِى رُءْيَـٰىَ إِن كُنتُمْ لِلرُّءْيَا تَعْبُرُونَ
තවද ‘සැබැවින් ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන් ම මම (සිහිනෙන්) දුටුවෙමි. ‘අහෝ ප්‍රධානියිනි! නුඹලා සිහිනවලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳව මාහට විස්තර කරනු’ යැයි රජතෙම පැවසුවේ ය.
★
12 : 44
قَالُوٓا۟ أَضْغَـٰثُ أَحْلَـٰمٍ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَـٰمِ بِعَـٰلِمِينَ
‘මේවා ව්‍යාකූල සිහින වෙති. තවද අපි සිහිනවල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නො වන්නෙමු’ යැයි ඔවුහු පැවසූහ.
★
12 : 45
وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසුව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී ‘එහි අර්ථය පිළිබඳව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු’ යැයි ඔහු කී ය.
★
12 : 46
يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفْتِنَا فِى سَبْعِ بَقَرَٰتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنۢبُلَـٰتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَـٰتٍ لَّعَلِّىٓ أَرْجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ
‘අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළිව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.’
★
12 : 47
قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًا مِّمَّا تَأْكُلُونَ
‘අවුරුදු හතක් දිගට ම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළ ම තිබෙන්නට හරිනු’ යැයි ඔහු පැවසී ය.
★
12 : 48
ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِّمَّا تُحْصِنُونَ
‘ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.’
★
12 : 49
ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعْصِرُونَ
‘ඉන් පසුව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.’
★
12 : 50
وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦ ۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرْجِعْ إِلَىٰ رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ ٱلنِّسْوَةِ ٱلَّـٰتِى قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّى بِكَيْدِهِنَّ عَلِيمٌ
තවද ‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසී ය. එහෙත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැ? යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේ ය.
★
12 : 51
قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَـٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٔـٰنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ?’යි (රජු) විමසුවේ ය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නො දනිමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මම යි. තවද නියත වශයෙන් ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවා ය.
★
12 : 52
ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නො කළ බවටත් සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණවලට මග නො පෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිස ය.
★
12 : 53
۞ وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌ رَّحِيمٌ
තවද ‘මාගේ ආත්මය මම නිර්දෝෂි නො කරමි. නියත වශයෙන් ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. එහෙත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්තය’ (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවා ය.)
★
12 : 54
وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦٓ أَسْتَخْلِصْهُ لِنَفْسِى ۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌ
‘මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහුව පත් කර ගැනීමට මා වෙතට ඔහුව ගෙන එනු’ යැයි රජු පැවසුවේ ය. රජු ඔහු සමඟ කථා කළ විට "නියත වශයෙන් ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි" යැයි (රජු) පැවසුවේ ය.
★
12 : 55
قَالَ ٱجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ ٱلْأَرْضِ ۖ إِنِّى حَفِيظٌ عَلِيمٌ
‘මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන් ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි’ යැයි (යූසුෆ්) කී ය.
★
12 : 56
وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَآءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَآءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
තවද එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. තවද දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නො කරන්නෙමු.
★
12 : 57
وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ لِّلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ
තවද දේවත්වය විශ්වාස කොට බිය හැඟීමෙන් කටයුතු කරන්නන් ලෙස සිටියවුන් වනාහි ඔවුනට මතු ලොව ප්‍රතිඵල උතුම් ය.
★
12 : 58
وَجَآءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا۟ عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُۥ مُنكِرُونَ
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ප්‍රවේශ වූහ. එවිට ඔවුන් ඔහුව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන්ව හඳුනා ගත්තේ ය.
★
12 : 59
وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ٱئْتُونِى بِأَخٍ لَّكُم مِّنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّىٓ أُوفِى ٱلْكَيْلَ وَأَنَا۠ خَيْرُ ٱلْمُنزِلِينَ
තවද ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී (ඔවුන් පිටත්ව යන කල්හි) ‘නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන් ම මම කිරුම පූර්ණව දෙන බවත්, සත්කාරයින් අතරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නො වේ දැ?’ යි පවසා සිටී ය.
★
12 : 60
فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ
‘එහෙත් නුඹලා මා වෙත ඔහු නො ගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නො වනු.’
★
12 : 61
قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَـٰعِلُونَ
‘ඔහු ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන් ම අප එය සිදු කරන්නෝ මය’ යැයි ඔවුහු පැවසූහ.
★
12 : 62
وَقَالَ لِفِتْيَـٰنِهِ ٱجْعَلُوا۟ بِضَـٰعَتَهُمْ فِى رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද ‘ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලුවල ම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස’ යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කී ය.
★
12 : 63
فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි ‘අපගේ පියාණනි! (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදි. එබැවින් අප සමඟ අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නන් වෙමු’ යැයි ඔවුහු පැවසූහ.
★
12 : 64
قَالَ هَلْ ءَامَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَآ أَمِنتُكُمْ عَلَىٰٓ أَخِيهِ مِن قَبْلُ ۖ فَٱللَّهُ خَيْرٌ حَـٰفِظًا ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ
‘මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලාව මම විශ්වාස කළාක් මෙන් මොහු කෙරෙහි ද නුඹලාව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය.’
★
12 : 65
وَلَمَّا فَتَحُوا۟ مَتَـٰعَهُمْ وَجَدُوا۟ بِضَـٰعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا۟ يَـٰٓأَبَانَا مَا نَبْغِى ۖ هَـٰذِهِۦ بِضَـٰعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ۖ ذَٰلِكَ كَيْلٌ يَسِيرٌ
තවද ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝ ය. අපගේ පියාණනි! මෙය අපි නො පැතුවෙමු, නමුත් අපගේ භාණ්ඩ අපට නැවත දෙන ලැබ ඇත. තවද අපි (මින් ඉදිරියට) අපගේ පවුලට ආහාර රැගෙන එන්නෙමු. තවද අපගේ සහෝදරයාව ද රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධිකව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි’ යැයි පැවසුවෝ ය.
★
12 : 66
قَالَ لَنْ أُرْسِلَهُۥ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًا مِّنَ ٱللَّهِ لَتَأْتُنَّنِى بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمْ ۖ فَلَمَّآ ءَاتَوْهُ مَوْثِقَهُمْ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ
‘මොහුව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහුව නුඹලා සමඟ කිසිවිටෙක නො යවමි. එහෙත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස’ යැයි ඔහු පැවසී ය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි ‘අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු’ යැයි ඔහු කීවේ ය.
★
12 : 67
وَقَالَ يَـٰبَنِىَّ لَا تَدْخُلُوا۟ مِنۢ بَابٍ وَٰحِدٍ وَٱدْخُلُوا۟ مِنْ أَبْوَٰبٍ مُّتَفَرِّقَةٍ ۖ وَمَآ أُغْنِى عَنكُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ ۖ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ
තවද ‘මාගේ දරුවනි! නුඹලා එක ම දොරටුවකින් ඇතුළු නො වනු. විවිධ දොරටුවලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් සිදු වන කිසිවකින් නුඹලා වළක්වාලන්නට මට නොහැකි ය. තීන්දුව අල්ලාහ් සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. ඔහු වෙත මම භාර කළෙමි. එමෙන් ම භාර කරන්නන් ද ඔහු වෙත ම භාර කළ යුතු ය.’
★
12 : 68
وَلَمَّا دَخَلُوا۟ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِى عَنْهُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِلَّا حَاجَةً فِى نَفْسِ يَعْقُوبَ قَضَىٰهَا ۚ وَإِنَّهُۥ لَذُو عِلْمٍ لِّمَا عَلَّمْنَـٰهُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නො වීය. තවද නියත වශයෙන් ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
★
12 : 69
وَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّىٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයාව ළං කර ගෙන ‘නියත වශයෙන් ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු’ යැයි පැවසුවේ ය.
★
12 : 70
فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ ٱلسِّقَايَةَ فِى رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلْعِيرُ إِنَّكُمْ لَسَـٰرِقُونَ
එසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලුව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේ ය. පසුව ‘අහෝ තවලම් කරුවනි! නියත වශයෙන් ම නුඹලා සොරුන්’ යැයි නිවේදකයකු දන්වා සිටියේ ය.
★
12 : 71
قَالُوا۟ وَأَقْبَلُوا۟ عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ
ඔවුහු ඔවුන් වෙත හැරී ‘නුඹලා නැති කර ගත්තේ කුමක් දැ?’ යි විමසුවෝ ය.
★
12 : 72
قَالُوا۟ نَفْقِدُ صُوَاعَ ٱلْمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمْلُ بَعِيرٍ وَأَنَا۠ بِهِۦ زَعِيمٌ
‘රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 73
قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَـٰرِقِينَ
‘අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නො වන බවත් සැබැවින් ම නුඹලා දන්නෙහු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 74
قَالُوا۟ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمْ كَـٰذِبِينَ
‘එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැ?’ යි ඔවුහු විමසුවෝ ය.
★
12 : 75
قَالُوا۟ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِى رَحْلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّـٰلِمِينَ
‘එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහු මය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙස ය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 76
فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ نَرْفَعُ دَرَجَـٰتٍ مَّن نَّشَآءُ ۗ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌ
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදිවලින් (සොයන්නට) පටන් ගත්තේ ය. පසුව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේ ය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නො වීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.
★
12 : 77
۞ قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَّهُۥ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّ مَّكَانًا ۖ وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නො වේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු (එම සහොදරයෝ) පැවසුවෝ ය. එහෙත් යූසුෆ් එය ඔවුනට හෙළි නො කර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේ ය. ‘නුඹලා ස්ථානයෙන් නපුරු ම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය’ යැයි ඔහු පැවසී ය.
★
12 : 78
قَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلْعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُۥٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ
අහෝ උතුමාණනි! සැබැවින් ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතරින් කෙනෙකු ගනු. නියත වශයෙන් ම අපි ඔබව දැහැමියන් අතරින් කෙනෙකු ලෙස දකින්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 79
قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَـٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًا لَّظَـٰلِمُونَ
‘අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා! එවිට අපි නියත වශයෙන් ම අපරාධකරුවන් වෙමු’ යැයි ඔහු පැවසුවේ ය.
★
12 : 80
فَلَمَّا ٱسْتَيْـَٔسُوا۟ مِنْهُ خَلَصُوا۟ نَجِيًّا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓا۟ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى ۖ وَهُوَ خَيْرُ ٱلْحَـٰكِمِينَ
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන්ව ගියෝ ය. ‘නියත වශයෙන් ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නො දන්නෙහු ද? එහෙයින් මාගේ පියා මාහට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නො යමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ ය’ යැයි ඔවුන් අතරින් වැඩිමලා පැවසුවේ ය.
★
12 : 81
ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَـٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَـٰفِظِينَ
නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් ‘අපගේ පියාණනි! නියත වශයෙන් ම ඔබේ පුතා සොරකම් කර ඇත. අප දන්නා දෑ පිළිබඳව මිස අපි සාක්ෂි නො දරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නො සිටියෙමු’ යැයි නුඹලා පවසනු.
★
12 : 82
وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَـٰدِقُونَ
‘අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.’ (යැයි පවසන ලෙස කියා දී පිටත් කළේ ය.)
★
12 : 83
قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
‘එහෙත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් පොළඹ වීය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකි ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී; මහා ප්‍රඥාවන්තය’ යැයි ඔහු(පියා) පැවසී ය.
★
12 : 84
وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَـٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌ
තවද ‘ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම’ යැයි පැවසී ය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තෙකු විය.
★
12 : 85
قَالُوا۟ تَٱللَّهِ تَفْتَؤُا۟ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَـٰلِكِينَ
‘අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරුවන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නො වන්නේ මය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 86
قَالَ إِنَّمَآ أَشْكُوا۟ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ
‘මාගේ ශෝකය හා මාගේ දුක මම පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙත ම ය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි’ යැයි ඔහු පැවසුවේ ය.
★
12 : 87
يَـٰبَنِىَّ ٱذْهَبُوا۟ فَتَحَسَّسُوا۟ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَـٰفِرُونَ
‘අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. තවද අල්ලාහ්ගේ දයාව පිළිබඳව නුඹලා බලාපොරොත්තු සුන් කර නො ගනු. නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නො ගනිති.’
★
12 : 88
فَلَمَّا دَخَلُوا۟ عَلَيْهِ قَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَـٰعَةٍ مُّزْجَىٰةٍ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ ۖ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ
එසේ ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි ‘අහෝ උතුමාණනි! අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමඟ පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණව ලබා දී තවද අපහට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 89
قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَـٰهِلُونَ
‘නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැ?’ යි ඔහු විමසුවේ ය.
★
12 : 90
قَالُوٓا۟ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَـٰذَآ أَخِى ۖ قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ ۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
‘සැබැවින් ම ඔබ ද යූසුෆ්?’ යැයි ඔවුහු විමසුවෝ ය. ‘මම යූසුෆ්, මේ මාගේ සහෝදරයා ය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කර ඇත. නියත වශයෙන් ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නො කරනු ඇතැ’යි ඔහු පැවසුවේ ය.
★
12 : 91
قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَـٰطِـِٔينَ
‘අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර ඇත. තවද නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 92
قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ ۖ يَغْفِرُ ٱللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ
‘අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය’ යැයි ඔහු පැවසුවේ ය.
★
12 : 93
ٱذْهَبُوا۟ بِقَمِيصِى هَـٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِى يَأْتِ بَصِيرًا وَأْتُونِى بِأَهْلِكُمْ أَجْمَعِينَ
‘නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහු පෙනුමැත්තෙකු ලෙස පැමිණෙනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත රැගෙන එනු.’
★
12 : 94
وَلَمَّا فَصَلَتِ ٱلْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَآ أَن تُفَنِّدُونِ
‘එම නඩය පිටත්ව ගිය කල්හි, නියත වශයෙන් ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට (බුද්ධි හීන ලෙස කතා කරන්නේ යැයි පවසා) දොස් නො නැගිය යුතු යැයි’ ඔවුන්ගේ පියා පැවසුවේ ය.
★
12 : 95
قَالُوا۟ تَٱللَّهِ إِنَّكَ لَفِى ضَلَـٰلِكَ ٱلْقَدِيمِ
‘අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 96
فَلَمَّآ أَن جَآءَ ٱلْبَشِيرُ أَلْقَىٰهُ عَلَىٰ وَجْهِهِۦ فَٱرْتَدَّ بَصِيرًا ۖ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ
පසුව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේ ය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. ‘නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නො කීවෙමි දැ?’ යි ඔහු විමසුවේ ය.
★
12 : 97
قَالُوا۟ يَـٰٓأَبَانَا ٱسْتَغْفِرْ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَـٰطِـِٔينَ
‘අපගේ පියාණනි! අපගේ පාපයන්වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
★
12 : 98
قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
‘මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාවන්ත ය.’
★
12 : 99
فَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ٱدْخُلُوا۟ مِصْرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේ ය. තවද ‘අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු’ යැයි ඔහු පැවසුවේ ය.
★
12 : 100
وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًا ۖ وَقَالَ يَـٰٓأَبَتِ هَـٰذَا تَأْوِيلُ رُءْيَـٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّا ۖ وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَـٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ ۚ إِنَّ رَبِّى لَطِيفٌ لِّمَا يَشَآءُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේ ය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද ‘මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේ ය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලාව ගෙන ආ විටද ඔහු මා සමඟ යහපත් අයුරින් කටයුතු කළේ ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රී ය. නියත වශයෙන් ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහු මය’ යැයි කී ය.
★
12 : 101
۞ رَبِّ قَدْ ءَاتَيْتَنِى مِنَ ٱلْمُلْكِ وَعَلَّمْتَنِى مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ فَاطِرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ أَنتَ وَلِىِّۦ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۖ تَوَفَّنِى مُسْلِمًا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ
‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහි ය. තවද සිවීම්වල යථාර්ථය ඉගැන්වූවෙහි ය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබ ය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමඟ මා එක් කරනු මැනව!’ (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේ ය.)
★
12 : 102
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوٓا۟ أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ
‘(නබිවරය!) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘශ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නො වීය.’
★
12 : 103
وَمَآ أَكْثَرُ ٱلنَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ
තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.
★
12 : 104
وَمَا تَسْـَٔلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ
තවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නො පතන්නෙහි ය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.
★
12 : 105
وَكَأَيِّن مِّنْ ءَايَةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.
★
12 : 106
وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ්ව විශ්වාස නො කරති.
★
12 : 107
أَفَأَمِنُوٓا۟ أَن تَأْتِيَهُمْ غَـٰشِيَةٌ مِّنْ عَذَابِ ٱللَّهِ أَوْ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුහු අභයදායීව සිටින්නෝ ද?
★
12 : 108
قُلْ هَـٰذِهِۦ سَبِيلِىٓ أَدْعُوٓا۟ إِلَى ٱللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِى ۖ وَسُبْحَـٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ
‘මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටින්නන් ය. තවද අල්ලාහ් සුපිවිතුරු ය. මම ආදේශ කරන්නන් අතරින් කෙනෙකු නො වෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.
★
12 : 109
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ ۗ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۗ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ لِّلَّذِينَ ٱتَّقَوْا۟ ۗ أَفَلَا تَعْقِلُونَ
නුඹට පෙර ගම්වාසීන් අතරින් සිටි පුරුෂයින් හැර අපි දහම් දූතවරු ලෙස නො එව්වෙමු. ඔවුන් වෙත අපි දේව පණිවිඩය පහළ කළෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු මහපොළොවෙහි සැරිසරා ගවේෂණය කර නො බැලුවෝ ද? තවද බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?
★
12 : 110
حَتَّىٰٓ إِذَا ٱسْتَيْـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓا۟ أَنَّهُمْ قَدْ كُذِبُوا۟ جَآءَهُمْ نَصْرُنَا فَنُجِّىَ مَن نَّشَآءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ
රසූල්වරුන් බලාපොරොත්තු සුන් කර ගත් විට නියත වශයෙන් ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේ ය. එවිට අප අභිමත කරන අයව මුදවා ගනු ලැබී ය. තවද අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නො ලැබේ.
★
12 : 111
لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَـٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ
සැබැවින් ම ඔවුන්ගේ කතා වස්තුවල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නො වීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය.
★